දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයා මෙන්ම සභානායකවරයාද වන මනෝජ් සිරිසේන මහතා යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරියේ අද (04) දිවුරුම් දුන්හ. මින් පෙර මෙම අමාත්‍ය ධූරය හොබවන ලද්දේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා දකුණු පළාත් සභාවට පත්වූ වීරසුමන වීරසිංහ මහතාය. පසුගියදා ඔහු හදිසියේම එම තනතුරින් ඉවත්කරනු ලැබීය.
හිටපු දකුණු පළාත් මහ ඇමති එච්.ජී.සිරිසේන මහතාගේ පුත්‍රයා වන මනෝජ් සිරිසේන මහතා පසුගිය දිනක ජනපතිවරයා හමුවට ගොස් සිය පියාණන් සමගින් නිදහස් පක්ෂය වෙත සහයෝගය පලකරන බව සැලකර සිටිය අතර, මෙම තනතුර එම සහය වෙනුවෙන් ලද්දාවූ දොළ පිදෙන්නක් බව නොරහසකි.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ආසනය නියෝජනය කරන සිරිසේන මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් වෙනුවෙන් සිය සහයෝගය පළකරමින් සිටියි.







No comments: