ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් තිසර පෙරේරා ඉවත්කර ඒ වෙනුවට හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් හෝ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පත්කිරීමේ සූදානමක් ඇති බවට ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන්ම නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ උපදෙස් මත ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුනටම එකම නායකයෙක් පත්කිරීමේ අදහසින් ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ සලකා බලමින් සිටියි. වත්මන් නායකයා වන තිසර පෙරේරා ගේ දුර්වල තරඟ රටාව මත ඔහු නායකයා වශයෙන් කණ්ඩායමේ රඳවා තබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ද නව නායකයෙකුගේ අවශ්‍යතාව මතුව තිබේ.
කෙසේ වෙතත් වර්තමාන කණ්ඩායම තුල එක්දින සහ විස්සයි විස්ස මෙන්ම ටෙස්ට් නායකත්වය දැරිය හැකි මට්ටමේ ක්‍රීඩකයන් වශයෙන් සිටින්නේ ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු තිරිමාන්නයි. මේ ක්‍රීඩකයන් සිව් දෙනාම නායකත්ව අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ය.
ඇන්ජෙලෝ මැතිව්ස් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම, නිරෝෂන් දික්වැල්ල තවමත් අඩු තරඟ සංඛ්‍යාවකට මුහුණ දී ඇති අස්ථාවර ක්‍රීඩකයෙක් වීම, ළහිරු තිරිමාන්න තවමත් ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟවලදී රිද්මයට අනුගත නොවී සිටීම වැනි කාරණා හේතුවෙන් මේ විකල්ප අතරින් ඉතිරිව ඇත්තේ චන්දිමාල් පමණි.
2017 වසරේ සාර්ථකම ටෙස්ට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටින චන්දිමාල් නැවතත් විස්සයි විස්ස සහ එක්දින නායකයා බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වේ. පසුගිය සමයේ අතීසාරයට අමුඩය ගැසීමේ පිළිවෙතින් නායකයන් සහ ක්‍රීඩකයන් මාරු කළ ක්‍රිකට් පරිපාලනය මෙවර හෝ ස්ථාරව තීරණයක් ගනු ඇතැයි බොහෝ පාර්ශව අවධානයෙන් සිටිති.







No comments: