Slider

Theme images by kelvinjay. Powered by Blogger.

වීඩියෝ

අලුත්ම

පුවත්

විශේෂාංග

ක්‍රීඩා

විදෙස්

ඡායාරූප

පිළිකුල් භාවනාව


පොලීසියෙන් ජ.වි.පෙ මන්ත්‍රීට පහරදුන් බවට චෝදනාවක්


ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතාට සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් පහරදීමක් සිදුකර ඇති බවට ඔහු චෝදනා කර සිටියි. මැතිවරණ ප්‍රචාරක රැලියක් අවසන් වීමෙන් පසු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පක්ෂයේ තරුණයෙක් වෙනුවෙන් අදහස් දැක්වීමේදී මෙම ප්‍රහාරය එල්ලවූ බව ඔහු සඳහන් කරයි.

පොලීසිය චෝදනා කරන්නේ ජ.වි.පෙ මන්ත්‍රීවරයා පොලීසියට පැමිණ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම සිදුකල බවයි. ඒ හේතුවෙන් පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. 

එම පක්ෂයේම බස්නාහරි පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ අදාල පොලිස් ස්ථානාධිපතිවරයා සමග තමන්ද සුහදව කතා කල අවස්ථාවේ ඔහු හැසිරුනේ ඉතා නරක ආකාරයට බවයි.

ඡායාරූප සහ වීඩියෝ - අද දෙරණ



බැඳුම්කර මගඩියේ පාඩුව අන්තිම සතේට - නාලක ගොඩහේවා


මහ බැංකු බැඳුම්කර මගඩියෙන් රජයට සිදුවූ පාඩුව සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්ව තිබියදී එම පාඩුව ලෙහෙසියෙන් ගණනය කල නොහැකි පාඩුවක් බවට ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දෙයි. එහි පාඩුව සිදුවූ ආකාරය අනුව එය කෝටි 1145 ට වඩා එහා ගිය පාඩුවක් බව ඔහු පෙන්වා දෙයි.

ඔහුගේ අදහස පහත වීඩියෝවෙන්

බැඳුම්කර ඇත්ත කතාව


එංගලන්තයේ රෝස කුසුම පරවී විසි වසරකි



ඩයනා කුමරිය දිවියෙන් සමු ගෙන වසර විස්සක් ගතව ඇත. "පොදු ජනතාවගේ කුමරිය" ලෙස කිරුළු පළන් ඇය 1997 වසරේ අගෝස්තු 31 වෙනිදා මෙලොව හැර ගියේ ප්‍රංශයේ දී සිදු වූ මාරක රිය අනතුරකිනි. ඇය මිය යන විට 36 වෙනි වියේ පසු වූවාය.

වසර විස්සකට පෙර සිදු වූ ඩයනා කුමරියගේ වියෝව ලොව පුරා ජනතාව කම්පනයට පත් කළ අතර ඇය අදටත් ජනතාව අතර මතකයේ රැඳුන චරිතයකි.

විවාහය සහ වෙන්වීම

1981 වසරේ දී ඇය ඔටුන්න හිමි චාල්ස් කුමරු හා විවාහ වූ අතර ලොව පුරා කෝටි 75 ජනතාව එම විවාහ මංගල්‍ය රූපවාහිනිය ඔස්සේ නැරඹූහ.

1995 වසරේ ඩයනා කුමරිය චාල්ස් කුමරුගේ වෙන්වීමෙන් පසු ඇය බීබීසී වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාව රූපවාහිනී ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි. රාජකීය සම්ප්‍රදාය බිඳ දමමින් ඇය එහිදී සිය ජීවිතයේ අතිශය පෞද්ගලික කරුණු හෙළි කළාය.

සමාජ මෙහෙවර

එමෙන්ම HIV ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් සහ බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ඇය සමාජ මෙහෙවරක යෙදුනාය.එසේම ඇය නිතර කැමරා කාචයේ ඉලක්කයක් බවට පත්විණි.ඩයනා කුමරියටම අනන්‍ය වූ කොණ්ඩා මෝස්තරය සහ ඇයගේ ඇඳුම් පැළඳුම් ඒවාටම අනන්‍ය වූ සංස්කෘතික සංකේත බවට පත් විය.


ඔටුන්න හිමි කුමරෙකු හා අතිනත ගැනීමට පෙර ඩයනා ස්පෙන්සර් නම් වූ ඇය මරණින් මතු ජන හදවත් තුළ කිරුළු පැලඳුවාය. ඩොඩී අල්ෆයඩ් නම් ඇයගේ එවකට පෙම්වතා සමග ප්‍රංශයේ උමං මාර්ගයක ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරකින් ඇය සහ ඩොඩී දෙදෙනාම ජීවිතක්ෂයට පත්විය.

- BBC -

ඉන්දියානු ආක්‍රමණයක් කිව්ව "සුව සැරිය" රටපුරා


ඉන්දියානු රජයෙන් ආධාර ලෙස ලංකාවට ලැබුණු "සුවසැරිය" ගිලන් රථ සේවය මේ වනවිට අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මක වෙමින් පවතින අතර එය වත්මන් රජය සහ ඉන්දියානු රජය අතර මිත්‍රත්වය වෙනුවෙන් ලද තිළිණයකි. "ඉන්දියානු ආක්‍රමණයක්" ලෙස එකල හැඳින්වූ සුවසැරිය අද වනවිට බොහෝ දෙනෙක්ට නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබේ.

EKTA ගිවිසුම බලාත්මක කිරීමට රජය උත්සහ දැරූ අවධියේ දී ලද තිළිණයක් වූ මෙම ගිලන් රථ සේවාව එකල ඉන්දියානු ආක්‍රමණයක් ලෙස හැඳින්වීම දේශපාලනික වශයෙන් දුර දිග නොබැලූ විශ්ලේෂණයක් වූ අතර, අද වනවිට ජනතාව එහි සැබෑ තත්ත්වය තේරුම්ගෙන ඇති බව රජයේ මතයයි.

පොලිස් ස්ථානයකට එක බැගින් ලබාදී තිබූ ගිලන් රථ සේවාව ඉදිරියේදී ලංකාව පුරාම ව්‍යාප්ත කිරිීමට අවශ්‍ය සහය ලබාදීමට ඉන්දියානු රජය ඊයේ (04) ලංකා රජය සමග එකඟතාවයකට පැමිණියහ. එසේම ජර්මානු රජයේ හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් කිහිපයක්ද ඉදිරියේදී ප්‍රදානය කිරීමට නියමිතය. එය මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදුවූ වැදගත් සේවාවන් කිහිපයකි.

කෙසේ වෙතත් මෙම සුවසැරිය ගිලන් රථ බොහොමයක් පොලිස් ස්ථානවල ගාල් කර ඇත්තේ නිසි ආකාරයේ වැසි ආවරණයක්ද නොමැතිවය. ඒ නිසා නොමිලේ ලද මේ සේවාව කඩිනමින් විනාශය කරා යාම වලක්වා ගැනීමටද කටයුතු කරන්නේනම් වඩාත් වටින බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

-පොදුජන-

තිසර වෙනුවට ඇන්ජි ද? චන්දි?



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් තිසර පෙරේරා ඉවත්කර ඒ වෙනුවට හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් හෝ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පත්කිරීමේ සූදානමක් ඇති බවට ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ උපදෙස් මත ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුනටම එකම නායකයෙක් පත්කිරීමේ අදහසින් ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ සලකා බලමින් සිටියි. වත්මන් නායකයා වන තිසර පෙරේරා ගේ දුර්වල තරඟ රටාව මත ඔහු නායකයා වශයෙන් කණ්ඩායමේ රඳවා තබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ද නව නායකයෙකුගේ අවශ්‍යතාව මතුව තිබේ.

කෙසේ වෙතත් වර්තමාන කණ්ඩායම තුල එක්දින සහ විස්සයි විස්ස මෙන්ම ටෙස්ට් නායකත්වය දැරිය හැකි මට්ටමේ ක්‍රීඩකයන් වශයෙන් සිටින්නේ ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු තිරිමාන්නයි. මේ ක්‍රීඩකයන් සිව් දෙනාම නායකත්ව අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ය. 

ඇන්ජෙලෝ මැතිව්ස් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම, නිරෝෂන් දික්වැල්ල තවමත් අඩු තරඟ සංඛ්‍යාවකට මුහුණ දී ඇති අස්ථාවර ක්‍රීඩකයෙක් වීම, ළහිරු තිරිමාන්න තවමත් ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟවලදී රිද්මයට අනුගත නොවී සිටීම වැනි කාරණා හේතුවෙන් මේ විකල්ප අතරින් ඉතිරිව ඇත්තේ චන්දිමාල් පමණි. 

2017 වසරේ සාර්ථකම ටෙස්ට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටින චන්දිමාල් නැවතත් විස්සයි විස්ස සහ එක්දින නායකයා බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වේ. පසුගිය සමයේ අතීසාරයට අමුඩය ගැසීමේ පිළිවෙතින් නායකයන් සහ ක්‍රීඩකයන් මාරු කළ ක්‍රිකට් පරිපාලනය මෙවර හෝ ස්ථාරව තීරණයක් ගනු ඇතැයි බොහෝ පාර්ශව අවධානයෙන් සිටිති.