මහ බැංකු අන්ත දූෂිත සහ අකාර්යක්ෂම ආයතනයක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වා තිබේ. පසුගිය රෙජීමය සමයේ මහ බැංකුවේ සිදුවූ දූෂිත සහ අකර්මණය ක්‍රියා පිළිවෙත තවමත් වෙනස්වී නැති බවද ඔහු සඳහන් කරයි.
ආර්ථික වර්ධනය 3.4% දක්වා පහත බැසීමටත්, උද්ධමනය 8.4% දක්වා වර්ධනය වීමටත් හේතුව ඇත්තේ පසුගිය රජයේ දුර්වලතාවය නිසාය, එසේම ආණ්ඩු මාරුවූවද මහ බැංකුව අභ්‍යන්තරයේ චරිත මාරු නැති වීමද මෙලෙස මහ බැංකුවේ මෙන්ම ආර්ථිකයේද පරිහානියට හේතුව බව කරුණානායක මහතා පවසා ඇත.
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධ කොමිසමේ වාර්තාව ඉදිරිපත්ව ඇති නිසා ඇත්ත නැත්ත රටටම හෙලිදරව් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
- ඩේලි මිරර් -







No comments: